පාසලේ ඉතිහාසය

Children's Day Celebration

IMG-20240209-WA0040.jpg
IMG-20240209-WA0040.jpg

 

    කුලි/ විශාඛා බාලිකා විද්‍යාලය අද වන විට ගුණයෙන් නැණයෙන් පිරිපුන් උගත් බුද්ධිමත් දරුවන් පිරිසක් සමාජයට දායාද කරන ආදරණීය මවකි. වර්ෂ 2007 ක් වූ ජනවාරි මස 31 වන දින ගරු වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය අතුල විජේසිංහ මහතා විසින් විදුහල ආරම්භ කරන ලදී.ආරම්භක ශිෂ්‍ය සංඛ්‍යාව තිස්පහක් වැනි කුඩා සංඛ්‍යාවක් වූ අතර අතර අද වන විට සිසුන් 2000ක් පමණ ඉගෙනුම ලබයි. පාසලේ ආරම්භ කල දිනයේ පටන්  අද වන දක්වාම විදුහල්පති ධුරය හොබවන්නේ ගරු එස්.එම්.සී රූපිකා සත්කුමාර මහත්මියයි. 2007 වර්ෂයේ දී රජයේ විදුහලක් බවට පත් වූ කුලි/විශාකා විද්‍යාලය අද වන විට ප්‍රදේශයේ දීප්තිමත් පාසලක් බවට පත්වී හමාරය. "අපදාන සෝභිනී පඤ්ඤා"යන ආදර්ශ පාඨය පෙරදැරි කර ගත් අප පාසල ඉතා කෙටි කාලයක් තුල රටට ඵලදායි අනාගත අභියෝග හමුවේ නොසැලෙන විනයගරුක කාන්තා පරපුරක් බිහිකිරීමෙහිලා මහත් වූ සේවයක් ඉටුකරමින් පවතී...

 

ආරම්භ කළ වර්ෂය

 2007  ජනවාරි 31

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

03

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

35

ආරම්භක විදුහල්පතිනිය

එස්.එම්.සී.රූපිකා සත්කුමාර මහත්මිය

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

කුලි/ විශාඛා බාලිකා විද්‍යාලය

පාසල රජයට පවරාගත් දිනය

2007.01.31

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

එච්.එම්‍. ඒ. හේරත්

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

2007.01.31