Children's Day Celebration

IMG-20240209-WA0040.jpg
IMG-20240209-WA0040.jpg

විදුහල්පති පණිවිඩය

එස්.එම්.සී.රූපිකා සත්කුමාර

පුරා වසර 17ක අභිමානවත්  ඉතිහාසයකට උරුමකම් කියන කුලියාපිටිය විශාකා බාලිකා විද්‍යාලය අතු ඉති ලියලමින් ශක්තිමත් අරටුවක්ව වැඩෙන මහා වෘක්ෂයැක් බවට පත්වෙමින් පවතී. 2007 වසරේදී කුඩා බීජයක් ව පැළ කළ කුලියාපිටිය විශාකා බාලිකාව වර්තමානය වන විට ළඟා කරගත් ජයග්‍රහණයන් පිටුපස මා දකින්නේ පෞරුෂවත් දියණිවරුන්ය. වාර්ෂික ක්‍රීඩා උළෙල අප විද්‍යාලය විසින් සැලසුම් කරනුයේ හෙට ලොව අභියෝග ජයගන්නා දියණි වරුන් ලොවට දායාද කිරීමේ උතුම් අරමුණ පෙරදැරිවය. එදා මෙන් අද ද අද මෙන්ම හෙට ද විශාකා බාලිකා විද්‍යාලය  අති දැවැන්ත සංවර්ධන මාවතක  ගමන් කරමින් සිටින්නේ මගේ දයාබර ආචාර්‍ය මණ්ඩලයේද අප්‍රතිහත දෛර්‍යය හා කැපවීම මතිනි. හෙට ලොව දිනන අභිමනවත් මෙන්ම විනයගරුක දැරියන් පිරිසක් කරවීමේ සමාජ මෙහෙවර ඉටු කිරීමට කුලි/විශාකා බාලිකා විද්‍යාලය ඇපකැප වන්නෙමු.

එස්.එම්.සී.රූපිකා සත්කුමාර
විදුහල්පති
කුලි/විශාකා බාලිකා විද්‍යාලය.