R.M.K.W.M.M.රාජනායක
පුරා වසර 17කට උරුමකම් කියන අභිමානවත් ඉතිහාසයක් සහිත කුලියාපිටිය අධ්‍යාපන කලාපයේ එකම බෞද්ධ බාලිකා විද්‍යාලය වන විශාකා බාලිකා විද්‍යාලය මෙම අධ්‍යාපන කලාපයට පමනණක් නොව වයඹ පළාතටම අභිමානවත් හා කීර්තියක් දිනෙන් දින එක් කරමින් දිගු ගමනකට මංපෙත් විවර කර ගනිමින් සිටින මොහොතක මෙම පාසලේ බාලිකාවියන් විසින් නිර්මාණය කරනු ලබන නව පාසල් වෙබ් අඩවිය එහි ගමන් මගෙහි සාර්ථකත්වය උදෙසා තැබූ තවත් එක් පියවරක් වේ.ඒ තුලින් පාසලේ කීර්තිය හා අභිමානය මෙරට තුල පමණක් නොව ලොව පුරා ප්‍රචලිත කිරිමට ඒ සදහා වෙර දරන ඔබ සියලුදෙනාට ම නියෝජ්‍ය විදුහල්පතිතුමිය ලෙස මාගෙ හදපිරි ස්තූතිය ප්‍රකාශ කරන අතර එය දිනෙන් දින සාර්ථකත්වය කරා ගෙනයාමට ඔවුනට ශක්තිය ධෛර්‍ය ලැබේවායි මා ප්‍රාර්තනා කරමි.
SLPS III , PGDE,(Peradeniya), B.A.(General) Degree University of Rajarata
H.M.A.C. හේරත්

වයඹ පළාතේ කුලියාපිටිය අධ්‍යාපන කලාපයේ පිහිටි විශාකා බාලිකා විද්‍යාලය දාහත් වසරක් පුරාවට ආ ආභිමානවත් ගමන් මගේ ඇරඹුමේ සිට මේ දක්වා මා දකින්නේ පාසලේ සමස්ත ක්‍රියාවලියේ සංවර්ධනයකි. ශ්‍රී ලාංකේය අධ්‍යාපන ක්ෂේත්‍රයේ පාසල් අතර හිනිපෙත්තටම ගමන් කිරීමට විශාඛාවේ නායකත්වය හා අත්වැල් බැඳගත් සමස්ත ප්‍රජාවගේ දායකත්වය අගය කළ යුතුය. පාසලේ මව් තුරුලෙන් සමාජගත වෙන අභිමානවත් දියණිවරුන්ගේ අභිවෘද්ධිය නිරන්තරයෙන් අපේක්ෂා කරන මම මෙම වෙබ් අඩවිය පාසලේ ඉදිරි සංවර්ධනයට පාදක කරගත හැකි ආයෝජනයක් ලෙස දකිමි. මෙතෙක් ආ ගමන් මග සාර්ථක වූවා සේම ඉදිරියේද සාර්ථක වන්නට මෙම වෙබ් අඩවිය ඉනිමං තනනු ඇතැයි මාගේ විශ්වාසයයි. එපරිද්දෙන්ම එය සිදුවේවා යි එක සිතින් ප්‍රාර්ථනා ගෙන එන්නෙමි!
SLPS III
PGDE, MA, BA





