පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.
6-13 ශ්‍රේණි ගැහැනු ළමයි
01. සුදු අත්කොට බලවුසය ඇඳ පිනපෝ ගවුම් ඇඳිය යුතුය.
02. බ්ලවුසයේ කර පියවා කහ පාටවයි පටිය පැළඳිය යුතුය.
03. පිනපෝ ගවුම
ඉණ - තම ඉණේ සිට අඟල් 2 1/2 ක් පහළින් තැබිය යුතුය.
ඉණ වටා 'ලුප්ස්' 6 ක් දැමිය යුතුය. බඳ පටිය බැඳිය යුතුය. සාය ඉදිරි පස හා පිටු පස පෙට්ටි පොළව දමා දෙපස රැලි 2 බැගින් තැබීය යුතුය. කොණ්ඩය කපන්නේ නම් කොටට කපා පැත්තට පීරීම. අනවශ්‍ය කොණ්ඩා මොස්තර තහනම්. කොණ්ඩය ගොතා බඳින්නේ නම් කහ පැහැති 5බන් භාවිතා කළ යුතුය.
ගවුමේ ඇතුළට දකුණු පසින් සාක්කුවක් දැමිය යුතුය.
දණ ගැසූ විට බිම වදින සේ ගවුම දික් විය යුතුය.
ලේස් නොමැති සුදු සපත්තු නියමිත සුදු මේ පැළදිය යුතුය.
පිප්සි අරුංගල් මුදු, වළලු, මාල සහ වෙනත් ආභරණ පැළදීම තහනම්
පාසල් නිල ඇඳුමින් සැරසී වෙනත් කිසිදු ස්ථානයට යෑම තහනම්
04 ශිෂ්‍යාවන් විදුහලට පැමිණෙන විට හා විදුහලින් පිටව යන අතරමගදී කඩවලට, සාප්පු වලට හා පෞද්ගලික නිවාස ආදියට නොයා යුතුය.
05. විදුහල්පතිනියගේ විශේෂ අවසරයක් නොමැතිව විදුහල පැවැත්වෙන කාල සීමාව ඇතුළත විදුහලින් පිටව යාම තහනම්.
06. විදුහල්පතිතුමියගේ අනුදැනුමකින් තොරව නිවාඩු කාල වලදී ශිෂ්‍යාවන්ට පාසල් භූමියේ ගැවසීම තහනම්.





