2024 කුලි/විශාඛා බාලිකා විද්‍යාලයීය නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ උත්කර්ෂවත් නිමාව මෙලෙස සනිටුහන් කරන වගයි!!
සිඳුලි,මිහිලි,ගඟුලි නිවාස අතර පැවති උද්වේගකර තරග රැසකින් අනතුරුව ගඟුලි නිවාසය ශූරතාව දිනා ගනිමින් සිඳුලි නිවාසය අනු ශූරයින් වෙමින් ක්‍රීඩා උළෙල ජයග්‍රාහී ලෙස අවසන් විය.
ක්‍රීඩා උළෙලේ සම්භාවනීය අමුත්තන් ලෙස ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් මැතිතුමන්,පාසලේ නිර්මාතෲ හිටපු වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය නීතිඥ අතුල විජේසිංහ මැතිතුමන් ,උඩුබද්දාව ප්‍රාදේශීය ලේකම් එම්.ඩී.එන්.සී දසනායක මැතිනිය,කුලියාපිටිය අධ්‍යාපන කලාපයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (පරිපාලන)සමන් විජේසේකර මැතිතුමන්,සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (ශාරීරික අධ්‍යාපන)හේමන්ත ඉලංකෝන් මැතිතුමන් ඇතුළු අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කුලියාපිටිය පොලිස් මූලස්ථානයේ නිලධාරීන්,ප්‍රමුඛ පාසල්වල විදුහල්පතිවරුන් සහ නියෝජ්‍ය විදුහල්පතිවරුන් මෙන් ම ප්‍රවීන සංගීතවේදී ආත්මා ලියනගේ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.





