2න් 3ට පැමිණි පුංචි විශාඛාවියන් ගේ නිර්මාණ එළි දැක්වීමේ ප්‍රදර්ශනය පසුගිය දා විද්‍යාලයේ දී පැවැත්විණි.
සිසු කුසලතා පෝෂණය කර ගත් අභිමානවත් විශාඛා දියණියක් බිහි වීමට පූර්වාදර්ශ සපයනුවස් පවත්වනු ලැබූ මෙම ප්‍රදර්ශනය ගරු විදුහල්පතිතුමියගේ උපදේශකත්වයෙන්,නියෝජ්‍ය විදුහල්පතිවරුන් ඇතුළු 3 ශ්‍රේණියේ ඉගැන්වීම් සිදු කරන ගුරු භවතුන්ගේ අධීක්ෂණය යටතේ පුංචි දියණියන් විසින් සිදු කරන ලදී.





